FAST NEWS

24×7 Around the Globe

කුඹුරු පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගැනීම ගුවනේ සිට..

ගුවන් හමුදාවේ සහාය ඇතිව ගුවනින් ලබාගන්නා සිතියම් හා දත්ත මත ශ්‍රී ලංකාවේ වගා කෙරෙන කුඹුරු පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගැනීමට තීරණය කර ඇත.
වගා කෙරෙන කුඹුරු පිළිබඳ නිවැරදි තොරතුරු කෘෂිකර්ම අමාත්‍යාංශය සතු නොවීම හේතුවෙන් ලංකාව තුළ මේ වනවිට කොපමණ කුඹුරු ප්‍රමාණයක් වගා කෙරෙන්නේද යන්න පිළිබඳ නිවැරදි තොරතුරු රජයට අවශ්‍යව ඇති බැවින් මෙම තීරණය ගත්බවකෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව පවතින දත්ත වසර කිහිපයකට පෙර ලබාගත් ඒවා වන අතර, ඒ අනුව යල කන්නයේදී වගා කෙරෙන කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ හතරහමාරක්ද, මාස් කන්නයේදී හෙක්ටයාර් හත්ලක්ෂ හතළිස් දහසක්ද වන බවට වාර්තා වේ.
සමස්තයක් ලෙස ශ්‍රී ලංකාව තුළ කුඹුරු ඉඩම් හෙක්ටයාර් ලක්ෂ 08 කට ආසන්න ප්‍රමාණයක් ඇති බවද එම වාර්තා පෙන්වා දෙයි.