FAST NEWS

24×7 Around the Globe

ඇෆ්ගනිස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක්..

 

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර 70 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු විසින් භාරගෙන නොමැත.
මීට පෙර අයි.එස්. ත්‍රස්ත සංවිධානය විසින් කාබුල් අගනුවර මෙවැනි ප්‍රහාර දියත් කර තිබුණු බවත් විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.