ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ආර්.පී. සිං ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙන බව ඔහු සිය පෞද්ගලික ට්ව්ටර් ගිණුම හරහා ඊයේ (04) ප්‍රකාශයට පත්කර තිබුණි.
ආර්.පී. සිං 2005 වසරේ සැප්තැම්බර් 04 වනදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් හිමිකරගනු ලැබූ අතර වසර 13 ක් තුල ඔහු ජාත්‍යන්තර ටෙස්ට් තරඟ 14 ක් එක්දින තරඟ 58 ක් සහ පන්දුවාර 20 තරඟ 10ක් ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩාකර ඇත.
නමුත් 2011 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු ආර්.පී. සිංට ඉන්දීය කණ්ඩායමේ ස්ථානයක් හිමි වී නොමැත.









