FAST NEWS

24×7 Around the Globe

කුක්ගේ කැමතිම 11 කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක් නම් වෙයි..

ඉන්දීයාව සමඟ පැවැත්විමට නියමිත පස්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනිමට නියමිත, එංගලන්ත හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ඇලෙස්ටයාර් කුක් සිය “MY All TIME XI” ප්‍රකාශය⁣ට පත් කර තිබේ.
ඒ අනුව කුක් සිය ක්‍රීඩකයින් 11 දෙනෙක් ගෙන් යුත් කණ්ඩායම ලෝර්ඩ්ස් ක්‍රීඩා සමාජ ෆෙස්බුක් පිටුව සමග ප්‍රකාශයට පත් කර තිබේ.
එ අනුව තමන්ගේ ප්‍රියතම කණ්ඩායමේ නායකත්වයට හිටපු එංගලන්ත ක්‍රීඩකයෙක් වන ග්‍රැහැම් ගුච් නම් කර තිබේ.
කණ්ඩායම..
01.ග්‍රැහැම් ගුච් (නායක)
02.මැතිව් හේඩ්න්
03.රිකි පොන්ටින්
04.බ්‍රයන් ලාරා
05.ඒබි ඩිවිලියර්ස් (කඩුලු)
06. කුමාර් සංගක්කාර (කඩුලු)
07.ජැක් කලිස්
08.මුත්තයියා මුරලිදරන් 
09.ෂෙන් වොන්
10.ජෙම්ස් ඇන්ඩර්සන්
11.ග්ලෙන් මැග්‍ග්‍රාත්