FAST NEWS

24×7 Around the Globe

විදුලි ඉංජිනේරුවෝ යළිත් අකුරට වැඩ කිරීමේ සූදානමක්?

පොරොන්දු වූ පරිදි ‘දිගුකාලීන විදුලි ජනන’ සැලැස්ම ක්‍රියාත්මක නොකළ නිසා යළි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යෑමට තීරණය කර ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සදහන් කළේය.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ දූෂිත හා අදක්ෂ නිලධාරීන් විසින් මෙම දිග්‍රකාලීන විදුලි ජනන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ද ඔහු කියා සිටියේය.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳව තීරණයක් ගැනීමට ඉංජිනේරු සංගම් විධායක සභාව මෙම සතියේ රැස්වීමට නියමිත බව ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් කියා සිටියේය.