FAST NEWS

24×7 Around the Globe

වන සතුන් පලවා හරින්න ගොවීන්ට ගිනි අවි..

මේ වන විට දිවයින පුරා වන සතුන් හේතුවෙන් 40 ත් 60 % ත් අතර බෝග හානි සිදුවන බැවින් එම හානිය වැළැක්වීම සඳහා ගොවීන්ට ගිනි අවි ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාශයේ අවධානය යොමුව ඇත.
බෝග හානි වළක්වා ගැනීම සඳහා විවිධ පර්යේෂණ සිදුකළ ද එම සියලුම පරීක්ෂණ මේ වන විට අසාර්ථක වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව වන සතුන්ගෙන් බහුලව බෝග හානිය සිදුවන ගොවි ජනතාව වෙනුවෙන් ගිනි අවි ලබාදීමට යෝජනා වී ඇති අතර මේ සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යනය කරමින් සිටින බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියි.