FAST NEWS

24×7 Around the Globe

සංගාගේ ස්ථානය දිනා ගැනිමට කුක්ට වරමක්..

ඉන්දියාව සමග පැවැත්විමට නියමීත පස්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුව තමා ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බව එංගලන්ත හිටපු ටෙස්ට් නායක ඇලස්ටෙයාර් කුක් නිවේදනය කර සිටියේය.
33 හැවිරිදි වියේ පසුවන කුක්, ටෙස්ට් තරග 160 කදී ශතක 32 ක් සමගින් ලකුණු 12,254 ක් රැස්කරමින් එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා බවට පත්ව සිටියි.
කෙසේ වෙතත් වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන් අතර පස්වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක් කුමාර් සංගත්කකාරව අභිබවා යෑමට සයවැනි ස්ථානයේ සිටින කුක්ට අවස්ථාවක් හිමීව තිබේ.
ටෙස්ට් ක්‍රිකට් තරග 134 ක ක්‍රීඩා කරමීන් ලකුණු 12,400 ක් සිටින සංගක්කාරට වඩා කුක් තව ලකුණූ 146 ක් පසු පසින් සිටින අතර ඉන්දීයාව සමග පැවැත්වෙන සිය අවසන් තරගයේදි එම ලකුණූ සංඛ්‍යාව අභිබවා ලකුණූ රැස් කර ගැනිමට සමත් වුහොත් ඔහුට මෙම අවස්ථාව හිමී වනු ඇත.
එසේම එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා (12,254), වැඩිම ටෙස්ට් ශතක ලාභියා (32), වැඩිම උඩපන්දු සංඛ්‍යාවක් රැකගත් ක්‍රීඩකයා (173), වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවකට සහභාගි වූ ක්‍රීඩකයා (160) සහ ටෙස්ට් තරගවලදී වැඩිම වාර ගණනක් ලකුණු 150 සීමාව ඉක්මවා ගිය ක්‍රීඩකයා (11) ලෙසද කුක් වාර්තා පිහිටුවා තිබේ.