FAST NEWS

24×7 Around the Globe

අප්‍රිකාවේ බොට්ස්වානා වනෝද්‍යානයක අලි 87ක් ඝාතනය කරයි..

ලොව විශාලතම අලි ගහණය වෙසෙන අප්‍රිකානු බොට්ස්වානා රාජ්‍යයේ වන උද්‍යානයක වනජීවි අභය භූමියේ ගුවනින් අලි සංගණනයක් සිදුකරන අතරතුර වන අලි 87 දෙනෙකු ඝාතනය කර ඇති බව වාර්තා වෙයි.
එම සත්ත්වයන්ගේ දළ සියල්ල දඩයක්කරුවන් විසින් ඉවත් කරගෙන ගොස් ඇති බව සංගණනය පැවැත්වූ දේශසීමා නොමැති අලි නමැති සංරක්ෂණ සංවිධානය ප්‍රකාශ කරයි.
සති කිහිපයක් ඇතුළත මෙම අලි ඝාතන සියල්ල සිදුවී ඇති අතර, අං ලබා ගැනීම සඳහා ඝාතනය කළ සුදු රයිනෝවන් 05 දෙනෙකුගේ සිරුරු ද හමුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.