FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි-20 ලීග් තරගාවලියේ ශූරතාව කොළඹට..

ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි-20 ලීග් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට දඹුල්ල කණ්ඩායම කඩුලු 07 කින් පරාජය කළ කොළඹ කණ්ඩායම සමත් විය.
මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (02) පැවැත්විණි.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 08 ක් දැවී ලකුණු 168 ක් රැස්කිරීමට සමත් විය.
ඒඅනුව ලකුණු 164ක ඉලක්කයක් හඹා ගිය කොළඹ කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 02 ක්දි කඩුලු 03ක් පමණක් දැවී එම ඉලක්කය සම්පුර්ණ කිරිමට සමත් විය.
කොළඹ කණ්ඩායම වෙනුවෙන් ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩාකළ උපුල් තරංග පන්දු 55කදී ලකුණු 104ක් රැස්කිරීමට සමත් විය.
අවසන් තරගයේ වීරයා ලෙස උපුල් තරංග සම්මාන දිනාගත් අතර තරගාවලියේ දක්‍ෂතම පිතිකරු සම්මානයද තරංගට හිමිවිය.
කෙසේ වෙතත් තරගාවලියේ වීරයා සම්මානය ධනුෂ්ක ගුණතිලකට හිමිවිය.
ලකුණූ පුවරුව..