FAST NEWS

24×7 Around the Globe

ඇමරිකාව විසින් පලස්තීනයේ සරණාගතයින්ට දෙන සහන නවතයි..

අමෙරිකානු එක්සත් ජනපදය විසින් පලස්තීනයේ සරණාගතයින් සදහා සහන සලසන එක්සත් ජාතීන්ගේ සංවිධානයන් වෙත අරමුදල් සැපයීම නතර කිරීමට තීරණය කර තිබෙන බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙහිදී අමෙරිකාව චෝදනා කරන්නේ පලස්තීනයේ සහන සේවා සපයනු ලබන එක්සත් ජාතීන්ගේ සහන හා සේවා ඒජන්සිය නොසැලකිලිමත්ව කටයුතු කරන බවයි.
අමෙරිකාවේ මෙම පියවර සිය ජනතාවට එරෙහිව සිදුකළ එකක් බව පලස්තීන ජනාධිපති මුහුමද් අබ්බාස්ගේ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කරයි.