FAST NEWS

24×7 Around the Globe

වෙලේ සුදා ඇත්තටම කල ව්‍යාපාර මහාධිකරණ විනිසුරු ඉදිරියේ දිගහරි.

පිළියන්දල පෞද්ගලික බැංකුවක තමාගේ ගිණුමක් ඇති බවත් මසක් වැනි කෙටි කාලයක් තුළ එමගින් මිලියන ගණනින් ගනුදෙනු සිදුකළ බවත් වෙලේ සුදා නොහොත් ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර අද (13) කොළඹ මහාධිකරණ විනිසුරු කීර්ති පද්මන් සූරසේන මහතා ඉදිරියේ දෙවැනි දිනටත් සාක්කි දෙමින් පිළිගත්තේය.

එතරම් මුදල් ලැබුණේ කෙසේදැයි අධිකරණයට කරුණු දැක්වූ වෙලේ සුදා කියා සිටියේ තමා සතුව ඇති පොල් ව්‍යාපාරයෙන් හා මුදල් පොළියට දීම මගින් ඒවා උපයාගත් බවයි. ඔහුගේ නඩුව වැඩිදුර විභාගය සිකුරාදාට (14) කල් තැබිණි.