FAST NEWS

24×7 Around the Globe

වෙලේ සුදා නම හැදුණු හැටි උසාවියේදී කියයි.

ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාගේ නම හැදුණේ කෙසේදැයි අධිකරණය ඊයේ (12) ඔහුගෙන් විමසීය.
තමාගේ කඩවත පිහිටි නිවස අසල වෙලක් තිබූ බවත් කුඩා කල සිටම නෑදෑ හිත මිතුරන් තමාව ඇමතුවේ ‘සුදා‘ යන නමින් බවත් ඔහු කීවේය.

ඒ අනුව පසුකලෙක ‘වෙලේ සුදා‘ යන නමින් හිතවතුන් තමාට ආමන්ත්‍රණය කිරීම හේතුවෙන් ඒ නම ලැබී ඇතැයි ඔහු උසාවියට කරුණු පැහැදිලි කළේය.

මීට පෙර තම සහෝදරයාට වෙලේ සුදා යන නම ඇතැමුන් භාවිතා කළද පසු කලෙක එම නමින් තමා අමතනු ලැබූ බව ඔහු කීවේය.
මුල් කාලයේදී අන්නාසි, පොල් වැනි දෑ විකිණීමෙන් ජීවිකාව ගෙන ගිය වෙලේ සුදා පසුව ජාත්‍යන්තර පාසල්වලට තම දරුවන් යැවීමට සිදුවූ නිසා එම පාසල අසලින් තට්ටු නිවාසයක් මිලට ගත් බවත් කියති.