ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (13)යි.
දෙවන දිනයේ දිවා අහාරයට තරගය අත්හිටුවන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුළු 2ක් පමණක් දැවී ලකුණු 227 ක් ලබා සිටියි.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 183ක් අතර ඉන්දීය කණ්ඩායම මෙවන විට ශ්‍රී ලංකා කණ්ඩායම වඩා කඩුළු 8 අතැතිව ලකුණු 44 ක් ඉදිරියෙන් සිටියි.
සුපිරි පිතිහරඹය නිරතවන ධාවාන් නොදැවී ලකුණු 110 (පන්දු198) හා නායක විරාත් කෝලී නොදැවී ලකුණු 86 (පන්දු156) ක් සහිතව තෙවන කඩුල්ල සඳහා ලකුණු 199ක සම්බන්ධතාවයක් පවත්වාගෙන සිටිති.
ලකුණු පුවරුව පහතින්.
————————(Update)
ඉන්දු ශ්‍රී ලංකා ළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (13)යි.
ඊයේ (12) දිනය අවසන් වනවිට තරගයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුළු 2ක් දැවී ලකුණු 128ක් ලබාසිටියේය.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 183ක් පමණි.
————————(Update)
ඉතිහාසයට පිටුවක් එක් කරයි : පළමු ඉනිම ලකුණු 183කට සීමාවෙයි.
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 183කට සීමාකිරීමට ඉන්දීය පන්දු යවන්නෝ දැන් සමත්විය. දෙරට අතර ටෙස්ට් තරග ඉතිහාසයේ ඉන්දීය කණ්ඩායමක් හමුවේ ශ්‍රී ලංකාවේද ශ්‍රී ලංකාව පළමු ඉනිමේ ක්‍රීඩාකළ අඩුම ලකුණු සංඛ්‍යව මෙය වේ.
ඇන්ජලෝ මැතිව්ස් (64) හා දිනේෂ් චන්දිමාල් (59) හැරෙන්න වෙනත් කිසිඳු පිතිකරුවෙකුට ඉනිම නගාසිටුවීමට අවැසි ඉනිමක් ගොඩනැගීමට නොහැකිවිය.
ශ්‍රී ලංකාවට එරෙහි වූ රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 46කට කඩුලු 06ක් දවාලූ අතර, එය දෙරට අතර ටෙස්ට් තරග ඉතිහායේ ඉන්දීය පන්දු යවන්නෙකු ශ්‍රී ලංකාවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ හොදම පන්දු යැවීම විය.
ලකුණු පුවරුව පහතින්.
———————————————————————(Update) 3.15
සංගා අවාසනාවන්ත ලෙස දැවී යයි -දිවා අහාරයට ශ්‍රී ලංකාව 65/5 යි.
සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගනයේ ආරම්භවු පළමු ටේස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමු ඉනිමට පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම දිවා අහාරය සඳහා තරඟය අත්හිටුවන විට කඩුලු5ක් දැවී ලකුණු 65ක් ලබා ගෙන අසීරු තත්වයක පසුවෙති.
සිය අවසන් ජාත්‍යන්තර ටේස්ට් ක්‍රීකට් තරඟයට ක්‍රීඩා කරන කුමාර් සංගක්කාර ලකුණු 5ක් ලබා සිටියදී අෂ්වින්ගේ පන්දුවක් හමුවේ රාහුල් අතට උඩ පන්දුවක් ලබාදී දැවී ගියේය.
ලකුණු පුවරුව පහතින්.
————————-(Update) 12.00pm
කාසියේ වාසිය මැතිව්ස්ට.
සංචාරක ඉන්දීය පිළ හා ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගනයේ ආරම්භ වීමට නියමීත පළමු ටේස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් සමත්විය.
එ අනුව ප්‍රථම ඉනිමට පන්දුවට පහරදීමට ඇන්ජලෝ මැතිව්ස් තීරණය කළේය.කැ
ශ්‍රී ලංකා කණ්ඩායම
දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුමාර් සංගක්කාර, ළහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල්, ජෙහාන් මුබාරක්, රංගන හේරත්, ධම්මික ප්‍රසාද්, නුවන් ප්‍රදීප්, තරිඳු කෞෂාල්
ඉන්දීය කණ්ඩායම
ශිකර් දවාන්, ලෝකේෂ් රාහුල්, රෝහිත් ශර්මා, විරාට් කෝලි (නායක), අජින්කේ රහානේ, රිද්හිනම් සහ, රවිචන්ද්‍රන් අශ්වින්, හර්බජාන් සිං, අමිත් මිශ්රා, වරුන් අරෝන්, ඉශාන්ට් ශර්මා









