FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොට වරායට චීනයෙන් තවත් ඩොලර් මිලියන146 ක්..

හම්බන්තොට වරායේ ආයෝජන කටයුතු සිදු කිරීම සඳහා තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන146 ක මුදලක් ආයෝජනය කිරීමට චීන සමාගමක් කැමැත්ත පළකර ඇති බවත්, අදාළ මුදල ආයෝජනය කිරීමට චීන සමාගම හා ශ්‍රී ලංකා වරාය අමාත්‍යාංශය එක්ව තීරණය කරන බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
අදාළ මුදල HSBC බැංකුවේ තැන්පත් කර තිබෙන බව අමාත්‍යවරයා සදහන් කරයි.
ඍජු ආයෝජන සඳහා ලැබී තිබෙන මෙම මුදල වියදම් කිරීම සිදුවන්නේ ශ්‍රී ලංකා රජය හා චීන සමාගම එක්ව සකස් කරන සැලැස්මකට අනුවයි.
ශ්‍රී ලංකා රජය පාර්ශ්වයෙන් එම කටයුත්ත සිදුකිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට බලය පැවරීමට තීරණය කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.