FAST NEWS

24×7 Around the Globe

අධිවේගී මාර්ග දෙපස වනාන්තර ඇති කිරීමට යයි..

අධිවේගී මාර්ග ඉදිකිරීමේදී ඉවත් කළ වනාන්තර නැවත නිර්මාණය කිරීම සඳහා අධිවේගී මාර්ග දෙපස වනාන්තර ඇති කිරීමට සැලසුම් කර ඇත.
මාර්ග සංවර්ධන අධිකාරිය විවිධ ආයතන සමග සම්බන්ධ වී සිටින බවත් මේ අනුව ශ්‍රී ලංකා යුද හමුදාව සමග එක්ව විශාල වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂක එස්.ඕපනායක මහතා සඳහන් කළේය.
අධිවේගී මාර්ගය දෙපස දිගටම මෙම ශාක රෝපණය කරන බවත්, මේ හරහා පරිසරයට සිදුවූ හානිය නැවත පුනරුත්ථාපනය කිරීමට හැකියාව ලැබෙන බවත් ඕපනායක මහතා පවසා සිටියේය.