FAST NEWS

24×7 Around the Globe

ඉම්රාන් ඛාන් 14 පෙර අගමැති ධුරයේ දිව්රයි..

පකිස්ථාන මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ඉම්රාන් ඛාන් අගෝස්තු 14 වැනිදාට පෙර එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ඇතැයි, තරීක් ඒ ඉන්සාෆ් පක්ෂය ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේවෙතත් පකිස්ථාන මැතිවරණයෙන් ජයගත් තරීක් එ ඉන්සාෆ් පක්ෂයට එරට පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකරගැනීමට සඳහා වු අවම ආසන සංඛ්‍යාව ජයගැනීමට නොහැකි විය.
මන්ත්‍රී ආසන 342 කින් යුත් පකිස්ථාන පහළ මන්ත්‍රණ සභාවේ බහුතරය හිමි කරගැනීමට තරීක් එ ඉන්සාෆ් පක්ෂයට ආසන 172 ක් හිමිකර ගත යුතු වුවත් මෙවර මැතිවරණයෙන් එම පක්ෂය දිනාගත්තේ ආසන 115 ක් පමණි.
බහුතරය හිමිකරගැනීමට අවශ්‍ය සැලසුම් මේ වන විට ක්‍රියාත්මක කෙරෙන බව ද තරීක් එ ඉන්සාෆ් පක්ෂය සඳහන් කර ඇති බවද පැවසේ.
DE සිල්වා