FAST NEWS

24×7 Around the Globe

රතන හිමීයෝ තනතුරු අත් හරිති – හේතුත් කියති..

ජනාධිපති ‍‍‍ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරෙන් තමන් ඉල්ලා අස්වන බව කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පැවැති කාන්තා සමුපකාර සමිතියේ 30 වන සංවත්සරයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.
අද වන විට රට බරපතළ ලෙස අරාජික වී ඇති බව පැවැසූ රතන හිමියෝ පක්ෂ වෙන වෙනම රට පාලනය කිරීමේදී තිබූ තත්ත්වයට පක්ෂ දෙක එකට එකතු වී රට පාලනය කිරීමේදීද දැකගැනීමට ලැබෙන බවද පැවැසූහ.
තමාට ජනාධිපති ‍‍‍ජ්‍යෙෂ්ඨ උපදේශක කමක් තිබුණත් කිසිම උපදේශයක් තමාගෙන් නොගත් බවද එවන් තත්ත්වයක් තුළ ජනාධිපති උපදේශකකමක් දැරීමට තමාට ලැජ්ජාවක් ඇති බවද රතන හිමියෝ පැවැසූහ.