FAST NEWS

24×7 Around the Globe

ධනුෂ්ක හා කණ්ඩායමේ චිත්‍රය ගැන මැතිව්ස් කියයි..

යම්කිසි ක්‍රීඩකයෙක් විනය විරෝධී වැඩ කර අවධානමක් ගනීනම් එහි ප්‍රතිවිපාකවලටද ඔහු මුහුණ දිය යුතු බව ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ඊයේ (28) දඹුල්ලේදී පැවැසීය.
“ක්‍රීඩකයෙක් අහිමිවීම කණගාටුවට කරුණක්. නමුත් අපි විනය විරෝධී වැඩ සඳහා ඉඩ දෙන්නේ නෑ. ඔවුන් අවධානමක් ගන්නවානම් එහි විපාකවලටත් ඔවුන් මුහුණ දිය යුතුයි. ඔවුන්ට හොඳම ක්‍රිඩකයන් වෙන්නට බෑ. ඔවුන් කණ්ඩායමේ නීති රෙගුලාසිවලට අනුගත විය යුතුයි.
ඔවුන් පිටියෙන් පිට කරන දේවල් ගැන අපි අවධානය යොමුකරනවා මොකද ඒක සමස්ත කණ්ඩායමට වගේම කණ්ඩායමේ චිත්‍රයටත් බලපානවා. ක්‍රීඩකයන් තමන් ගැන පිටියේදී මෙන්ම පිටියෙන් පිටදීත් හොඳින් බලාගන්න ඕන. කණ්ඩායමේ චිත්‍රයට හානියක් නොකළ යුතුයි”
DE සිල්වා