FAST NEWS

24×7 Around the Globe

බන්ධනාගාර නිලධාරීන් ගැන තලතා දැඩි තීරණයක් ගනී..

මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් සිරකරුවන් මෙන්ම බන්ධනාගාර ගතවී සිටින විවිධ සිරකරුවන් සමග කාලාන්තරයක්‌ තිස්‌සේ දැඩි හිතවත්කම් පවත්වාගෙන යන බව කියන බන්ධනාගාර නිලධාරීන් 50 කට ආසන්න පිරිසක්‌  මාරුකර යැවීමට නියමිතව ඇත.
මේ සම්බන්ධ නිතරම ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම පිරිස මෙසේ මාරුකර යවන බව බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ පිළිබඳ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය ඊයේ (27) ප්‍රකාශ කළාය.
මේ අතර මෙසේ මාරු කිරීමට පියවර ගෙන සිටින නිලධාරීන් බොහෝමයක්‌ අවංකව රාජකාරි සිදුකළ අය විය හැකි නමුත් මේ අතර රාජකාරිය මුවාවෙන් අයුතු ක්‍රියා කරන නිලධාරීන් සිටිය හැකි බවද ඇය සඳහන් කළාය.