ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම සමග කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (26) පැවති පුහුණු එක්දින තරගයෙන් ලකුණු 63ක ජයක් ලැබීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 49.4කදී සියලු දෙනා දැවී ලකුණු 293ක් රැස්කිරීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායමට පන්දුවාර 44.1කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 230ක් පමණි.
දිමුත් කරුණාරත්න (50), ඉසුරු උදාන (53) අර්ධ ශතක රැස්කළත් ඔවුන්ට කණ්ඩායම ජයග්‍රහණය දක්වා රැගෙන යා නොහැකි වූහ.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් විලියම් මුල්ඩර් (3/12), ටබ්රේස් ෂම්සි (3/41) කඩුලු 03 බැගින් දවා ගත්හ.
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එළඹෙන ඉරිදා (29) දිවා තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය.
DE සිල්වා







