FAST NEWS

24×7 Around the Globe

වනෝද්‍යාන වලට ගවයන් ඇතුල් කිරීමට තවදුරටත් අවසර..

කිරි ගොවීන් විසින් සිදුකළ ඉල්ලීම් රැසක් සලකා බලා වනෝද්‍යාන තුළට ගවයින් ඇතුල් කිරීම සඳහා තවදුරටත් අවසර ලබාදීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් ද පසුගිය දිනක වනජීවි අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
කෙසේ වෙතත් ගවයින් වනෝද්‍යාන තුළට ඇතුල් කිරීමෙන් වනජීවින්ට හා වනෝද්‍යානවල පරිසර පද්ධතියේ සමතුලිත භාවයට ගැටළු රැසක් පැනනැගී ඇති බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා අවධාරණය කරයි.