FAST NEWS

24×7 Around the Globe

කටුනායක ගුවන්තොටුපොළට ඊ – පාස්පෝර්ට් ක්‍රමයක්..

කටුනායක ගුවන්තොටුපොළ සඳහා ඊ – පාස්පෝර්ට් ක්‍රමයක් හඳුන්වාදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් සිදුකරන ලද විගණන පරීක්ෂණයකදී ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය දකුණු ආසියාවේ සියලු රටවල් අබිබවා පළමු ස්ථානය දිනාගෙන ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කටුනායක සිවිල් ගුවන් සේවා නව ගොඩනැගිල්ලේ , ශ්‍රවණාගාරයේදී ඊයේ (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.