FAST NEWS

24×7 Around the Globe

ජංගම දුරකථන ඇත්නම් වහාම බාරදෙන්නැයි සිරකරුවන්ට දන්වයි..

වැලිකඩ බන්ධනාගාර මූලස්ථානයෙහි සිටින සිරකරුවන් ජංගම දුරකථන භාවිත කරන්නේ නම් වහාම එම දුරකථන බාරදෙන ලෙස බන්ධනාගාරය තුළ දැන්වීම් ප්‍රදර්ශනය කර ඇති බව වාර්තා වෙයි.
එම ජංගම දුරකථන සහ සිම්කාඩ්පත් බන්ධනාගාර නිලධාරීන්ට බාරදෙන ලෙස දන්වමින් බන්ධනාගාරය තුළ දැන්වීම් ප්‍රදර්ශනය කර ඇති බවත් එම වාර්තාවල සදහන් වේ.
බන්ධනාගාර නිලධාරීන් සිරමැදිරි සෝදිසි කිරීමට පෙර සිරකරුවන් සහ රැඳවියන් සතු ජංගම දුරකථන හා සිම්පත් බාරදෙන පුද්ගලයන්ට සමාව ලබාදෙන බවත්, එලෙස බාර නොදී ජංගම දුරකථන ළඟ තබාගන්නා පුද්ගලයන්ට දඬුවම් ලබාදෙන බවත් මෙම දැන්වීම් තුළ සදහන් කර ඇත.
බන්ධනාගාර තුළ ජංගම දුරකථන භාවිත කරන සිරකරුවන් සහ රැඳවියන් පිළිබඳ සොයාබලා පියවර ගන්නා බවට මීට පෙර අධිකරණ අමාත්‍යාංශය සඳහන් කර තිබූ අතර, බන්ධනාගාර තුළ දුරකථන භාවිතය වැළැක්වීම අවශ්‍ය උපකරණ සවිකරන ලෙසද යෝජනා ඉදිරිපත්ව තිබිණි.