FAST NEWS

24×7 Around the Globe

පරීක්ෂණ වලට මුහුණ නොදී නෝර්වේ තරුණිය මව් රටට යයි..

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ මිතුරෙකු විසින් නෝර්වේ ජාතික තරුණියකට අතවර කිරීමට උත්සහ කළ බව කියන සිද්ධියේ විමර්ශන අවසන් වන තෙක් මෙරට රැඳී සිටින ලෙස පැමිණිලිකාර තරුණිය හා ඇගේ මිතුරියගෙන් සංචාරක ‍පොලීසිය ඉල්ලා ඇත.
නමුත් ඒ වනතෙක් මෙරට රැඳී සිටීමට අකමැති වූ පැමිණිලිකාර තරුණිය හා ඇගේ මිතුරිය පෙරේදා (23) අලුයම නැවත නොර්වේ බලා පිටත්ව ගොස් තිබේ.
ඒ සඳහා සංචාරක සංවර්ධන අධිකාරියෙන්ද සහය ලබාගෙන ඔවුන්ට වීසා, නවාතැන් පහසුකම්, ආහාරපානද නොමි‍ලේ ලබාදීමට හැකි බව ‍පොලීසිය පවසා ඇතත් ඔවුන් සිය ගමන් සැලැස්ම වෙනස් කිරීමට අකමැති බව දැනුම් දී ආපසු ගොස් තිබේ.

මේ හේතුවෙන් අධිකරණ විමර්ශන ක්‍රියාවලියේදී යම් බාධා ඇති විය හැකි බව ‍පොලීසිය පවසයි.

සිද්ධියට අදාළව ක්‍රිකට් ක්‍රිඩක ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගැනීමක් සිදුනොවුණත් විමර්ශන සිදුකෙරෙන බව කොල්ලුපිටිය ‍පොලීසිය පවසයි.