FAST NEWS

24×7 Around the Globe

සංගා දේශපාලනයට ආවොත් රාජිතගේ උපරිම සහය..

ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම හිටපු ක්‍රිකට් නායකයෙක් වන කුමාර සංගක්කාර දේශපාලනයට සම්බන්ධ වනවා නම් හැකි උපරිම සහයෝගය ලබාදෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (25) පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක සංගක්කාර ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණ යටතේ ඉදිරිපත් වන්නේදැයි එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටි අතර, ඊට පිලිතුරු දෙමින් සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ ඒ පිළිබඳ එක්සත් ජාතික පෙරමුණ කතාකර නොමැති බවත්, එහෙත් එක්සත් ජාතික පක්ෂය කතා කළාද යන්න පිළිබඳ තමන් නොදන්නා බවත්ය.