FAST NEWS

24×7 Around the Globe

ස්වාධීන රූපවාහිනිය ඇමතිවරයෙකුට විකිණීමට යයි..

ස්වාධීන රූපවාහිනී ආයතනය පාඩු ලබන රාජ්‍ය ආයතනයක් ලෙස පෙන්වා ආණ්ඩුවේ ඇමතිවරයෙකුට විකිණීමේ සැලසුමක් ඇති බව මාධ්‍යවේදී සුදර්මන් රදලියගොඩ මහතා අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේය.
මෙහිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ 2015 දෙසැම්බර් 31 වන විට ලාභ ලැබූ ITN ආයතනය සේවකයන්ට රුපියල් ලක්ෂයක බෝනස් ලබාදුන්නද මේ වන විට එය පාඩු ලබන බැවින් සේවකයන්ට රුපියල් 3000 ක බෝනස් දීමනාවක් පමණක් ලබාදෙන බවයි.
පසුගිය කාලසීමාවේ රූපවාහිනී නාළිකා ශ්‍රේණිගත කිරීමවල අංක 01 සිට 06 වැනි ස්ථානය දක්වා පහළ බැස තිබෙන එම ආයතනය විකාශනය කරන ටෙලිනාට්‍ය දේශපාලනීකරණයට ලක්වී ඇතැයිද රදලියගොඩ මහතා එහිදී ප්‍රකාශ කළේය.
විශ්‍රාම ගිය සේවකයන්ට ආයතනය ඇතුළට පිවිසීමට නොහැකිවන සේ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බවද රදලියගොඩ මහතා සඳහන් කළේය.