FAST NEWS

24×7 Around the Globe

වර්ගවාදී අපහාස නිසා ඔසිල් ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි..

ජර්මනි පාපන්දු කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක මෙසුට් ඔසිල් ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
ඔසිල්ට එරෙහිව එල්ලවන වර්ගවාදී අපහාස හා අගෞරවයන් හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇත.
තුර්කි සම්භවයක් සහිත ඔසිල් පසුගිය මැයි මාසයේදි තුර්කි ජනපතිවරයා සමග ලබාගත් ඡායාරූපයක් සම්බන්ධවද විවිධ පුද්ගලයන් විසින් චෝදනා නගා ඇති අතර ලෝක කුසලාන තරගාවලියේදී ජර්මනිය දැක්වූ අදක්ෂ ක්‍රීඩා විලාශය හේතුවෙන් තමන්ට තර්ජනාත්මක විද්‍යුත් තැපැල් පණිවිඩ ලැබුණ බවත් තමාව විවේචනය කළ බවත් ඔසිල් පවසයි.
“අපි දිනන විට මම ජර්මන් ජාතිකයෙක්. නමුත් අපි පැරදුණවිට මම සංක්‍රමණිකයෙක්” යැයි ඔහු පවසයි.
ඔසිල්ගේ චෝදනා සම්බන්ධයෙන් ජර්මනි පාපන්දු සංගමය තවමත් කිසිවක් ප්‍රකාශ කර නොමැති අතර ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් ඔසිල්ගේ තීරණයට ගෞරව කරන බවත් ඔහු රට වෙනුවෙන් බොහෝදේ කර ඇති බවත් පවසා ඇත.