FAST NEWS

24×7 Around the Globe

ජාවාරම්කරුවන් 23 කගේ දේපල රාජසන්තක කිරීමට යයි..

මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන ප‍්‍රධාන පෙලේ මත් ජාවාරම්කරුවන් 23 දෙනෙකුගේ දේපල රාජසන්තක කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර ප්‍රකාශ කරයි.
මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව කියා සිටියේ ඊයේ (23) රාත්‍රියේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
දිවයින පුරාම ව්‍යාප්ත වී ඇති මත් උවදුර මැඩලීම සඳහා පොලිසිය ගෙන ඇති ක‍්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී පැහැදිළි කිරීමක් සිදුකරනු ලැබීය.