මේ දිනවල ජපානයට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 44 දක්‌වා ඉහළ ගොස් තිබේ.
ටෝකියෝ නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 41 දක්‌වාත්, හොන්ෂු, ෂිකෝකු, කියුෂු, හිකෝඩෝ දූපත්වල සෙල්සියස් අංශක 35ත් නගෝයාහි උෂ්ණත්වය සෙල්සියස් 39.5 දක්‌වාත් වැඩිවී ඇත.
පුළුවන් තරම් ජලය පානය කරන ලෙසද, සෘජුව හිරු එළියට අනාවරණය නොවන ලෙසද, වායුසමීකරණ භාවිතා කරන ලෙසද ජපාන රජය මහජනතාවට උපදෙස් ලබාදී තිබේ.
ජපාන රජයේ සංඛ්‍යා ලේඛනවලට අනුව මිය ගිය ගණන 44 ක් වුවද නිල නොවන වාර්තාවලට අනුව සිය ගණනක් මේ හේතුවෙන් මිය ගොස් තිබේ.
වැඩි වශයෙන් වයස් ගත පුද්ගලයන්, හෘද රෝගීන්, ඇදුම රෝගීන් විශාල සංඛ්‍යාවක් අධික උෂ්ණත්වය නිසා මියගොස් ඇති බව එම වාර්තා පෙන්වා දෙයි.









