FAST NEWS

24×7 Around the Globe

ක්‍රිකට්‌ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ මිතුරා පොලිස් අත්අඩංගුවට..

නෝර්වේ ජාතික තරුණියක්ව හෝටලයක්‌ තුළදී අතවර කරන ලදැයි කියන සිදුවීමකට අදාළව එ් මෙහොතේදී එහි සිටි බව කියන ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ මිතුරකු පෙරේදා (22) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය සදහන් කරයි.
එම සැකකාර තරුණයා මේ වනවිට එංගලන්තයේ පුරවැසිභාවය ලබා එරට ක්‍රීඩා සමාජයක ක්‍රිකට්‌ ක්‍රීඩා කරන්නකු වන අතර අදාළ තරුණිය කළ පැමිණිල්ලකට අනුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ එස්‌.එස්‌.සී. ක්‍රීඩාංගණය අසලදීයි.
ධනුෂ්ක ගුණතිලක, ඔහුගේ මිතුරා සහ අදාළ තරුණියන් හෝටලයේ රැඳී සිටින ආකාරය එහි සවිකර ඇති සී. සී. ටී. වී. ආරක්‌ෂිත කැමරාවල සටහන්ව තිබී ඇත.
සැකකරු කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඊයේ (23) ඉදිරිපත් කිරීමෙන් පසු 26 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කර ඇත.
පසුගිය 21 වැනිදා රාත්‍රි අදාළ හෝටලයේ 17 වැනි මහලේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායම නතර වී සිට ඇත්තේ සංචාරක දකුණු අප්‍රිකාව සමඟ පැවැති දෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගය හේතුවෙනි.
ජාතික කණ්‌ඩායම එලෙස රැඳී සිටියදී ක්‍රිකට්‌ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිය මිතුරා සමඟ zෙµaස්‌බුක්‌z හරහා මිතුරු වී සිටි නෝර්වේ ජාතික 23 හා 22 යන වයස්‌වල පසුවන රූමත් තරුණියන් දෙදෙනා එම හෝටලයේ 10 වැනි මහලට ගෙන්වාගෙන තිබේ.