නීති විරෝධීව ඊශ්‍රාලයේ රැඳී සිටින ශ්‍රමිකයින්ට ලංකාවට පැමිණීම සදහා සැප්තැම්බර් 01 වැනිදා දක්වා පොදු සමා කාලයක් ලබාදී ඇති බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.
අදාළ කාලසීමාව ඇතුළතදී ලංකාවට නොපැමිණෙන ශ්‍රමිකයින් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි නීතිමය පියවර ගන්නා බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඊශ්‍රායෙලයේ රැකියා සඳහා ගිය 500 ගෙන් 150ක් පමණ නියමිත කාලයේදී යළි නොපැමිණ නීතිවිරෝධි ලෙස එරට නතර වී සිටීම හේතුවෙන් මෙතෙක් ඊශ්‍රායලයෙන් ලැබුණු කෘෂි ක්ෂේත්‍රෙය් රැකියා අවස්ථාවන් ශ්‍රී ලංකාවට අහිමි වී ඇති බව ද නානායක්කාර මහතා අවධාරණය කළේය.
එමෙන්ම ලබාදී ඇති පොදු කාලයේදී නැවත පැමිණෙන්නන් හට යළි එරටට යාමට අවස්ථාව සළසා දිය හැකි බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.









