FAST NEWS

24×7 Around the Globe

පුහුණ තරගයේ කණ්ඩායම නම් කෙරේ – ධනංජයට නායකත්වය..

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී එළැඹෙන 26 දා පැවැත්වීමට නියමිතව පුහුණු එක්දින තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබේ.
සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග පහකින් සමන්විත එක්දින තරගාවලියට පෙරාතුව පැවැත්වෙන මෙම පුහුණු තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නවක ක්‍රීඩක ධනංජයද සිල්වාට ලබා දී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම – ධනංජයද සිල්වා (නායක), දිමුත් කරුණාරත්න, දසුන් ශානක, ශෙහාන් ජයසූරිය, අසේල ගුණරත්න, මිනෝද් භානුක, ඉසුරු උදාන, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු, නිශාන් පීරිස්
අතිරේක – ළහිරු මිලන්ත, ලසිත් ඇඹුල් දෙණිය, ශෙහාන් මධුශංක
DE සිල්වා