FAST NEWS

24×7 Around the Globe

සුරංග ලක්මාල් වාර්තා පොත් අතර ලියැවෙයි..

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සඳහා නායකත්වය ලබාදෙමින් ක්‍රීඩාකළ පළමු ටෙස්ට් තරග තුනම ජයගත් පළමු ශ්‍රී ලංකා නායකයා ලෙස සුරංග ලක්මාල් අද (23) වාර්තා අතරට එක්විය.
නිත්‍ය ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් තරග තහනමකට ලක්විම හේතුවෙන් ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය උපනායක වු සුරංග ලක්මාල්ට නායක්වයේ වගකිම පැවරුණී.
මේ අනුව අද (23) නිමාවූ දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේ හා ඊට පෙර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග වු තෙවැනි ටෙස්ට් තරගය මෙහෙයවිමේ වගකීම සුරංග ලක්මාල්ට පැවරුණි.
ඒ අනුව එම තරග තුනම ඔහු ජය ගැනීමට සමත්වූ අතර ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එම දක්ෂතාව දැක්වූ පළමු ක්‍රීඩකයා බවට පත් විමට සුරංග ලක්මාල් සමත් විය.