FAST NEWS

24×7 Around the Globe

දියවැඩියාව පාලනයට වී වර්ගයක් සොයාගැනේ..

දියවැඩියාව වැළැක්වීම සඳහා ඉවහල්වන “නීරෝගා” නමින් හඳුන්වන ලබන වී ප්‍රභේදයක් හඳුන්වාදීමට අම්බලන්තොට වී පර්යේෂණායතනය විසින් පියවර ගෙන තිබේ.
මෙම වී වර්ගයෙන් සකස් කෙරෙන සහල්වල අඩංගුවන අවම කාබෝහයිඩ්රේට් නිසා රුධිරයේ සීනි ප්‍රමාණය අවම කර ගැනීමට හැකියාව ලැබෙන අතර අප රටේ ජනතාව වැඩිපුර බත් ආහාරය වශයෙන් ගැනීම නිසා සිරුරේ සීනි ප්‍රතිශතය ඉහළයාමට හේතුවන බව අම්බලන්තොට වී පර්යේෂණායතනයේ නිලධාරින් සදහන් කරයි.
දියවැඩියා රෝගය මේ වනවිට සමස්ත ලෝකයටම බරපතල තර්ජනයක් එල්ල කර ඇති අතර දියවැඩියා රෝගය සැළකෙන්නේ සියලු රෝගවල මව Mother of all Diseases ලෙසය.
ලංකාවේ මේ වනවිට සෑම හතර දෙනෙකුගෙන්ම එක් අයෙක් දියවැඩියා රෝගයෙන් පෙළෙන බව සනාත වී ඇත.
ඒ නිසා මෙම වී වර්ගය ව්‍යාපාරික මට්ටමින් වගාකර එම සහල් විදේශ රටවලට පවා අපනයනය කිරීමට හැකි වන පරිදි අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාද ප්‍රකාශ කර ඇත.