FAST NEWS

24×7 Around the Globe

JAT හෝල්ඩින්ග්ස්‌ හා CROWN අත්වැල් බැදගනියි..

ශ්‍රී ලංකාවේ අති සාර්ථක සමාගමක් වන JAT හෝල්ඩින්ග්ස්‌, වසර 200ක්‌ පුරා විශිෂ්ටත්වය ගොඩනඟාගෙන ඇති බ්‍රිතාන්‍ය සන්නාමයක්‌ වන CROWN තීන්ත හා සම්බන්ධවී ඇත.
මෙරට වෙළෙඳපොළට ගැලපෙන ජාත්‍යන්තර ප්‍රමිතීන් සමඟ ශ්‍රී ලංකාවේ නිපදවන CROWN තීන්ත බ්‍රිතාන්‍ය රැජනගේ රාජකීය අවසරය ලත් එකම තීන්ත සන්නාමයද වෙයි.
CROWN තීන්ත සන්නාමය කෙටි කලක්‌ තුළ දී ඉතා ඉක්‌මණින් වෙළෙඳපොළ ග්‍රහණය කරගත් අතර “සුදු එකේ හොඳම 1 න් අපි ක්‍රවුන් කරමු” යනුවෙන් පසුගිය දියත් කරන ලද ප්‍රවර්ධන වැඩසටහන අතිශයින් සාර්ථක වූ බවත් ඉදිරියේදී වඩාත් සිත්ගන්නාසුළු ප්‍රවර්ධන වැඩසටහන් දියත් කිරීම මගින් පාරිභෝගිකයින් අතරට යැමට තවදුරටත් හැකිවනු ඇති බව JAT හෝල්ඩින්ග්ස්‌හි වෙළෙඳ නාම කළමනාකරු සක්‌බෝ කොහොන විසින් සඳහන් කරන ලදී.