FAST NEWS

24×7 Around the Globe

මීතොටමුල්ල හරිත උද්‍යානයක් කිරීමේ සැලැස්මක්…

මීතොටමුල්ල කසළ කන්ද පවතින භූමියේ හරිත උද්‍යානයක් ඉදිකිරීමේ මූලික කටයුතු මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් මේ වන විට ආරම්භ කර ඇත.
නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව ඊට අදාළ ආදර්ශ උද්‍යානයක් නිර්මාණය කරනු ලබනවා.
එහි කටයුතු නිමාවීමෙන් අනතුරුව මීතොටමුල්ල කසළ කන්ද පවතින භූමියේ උද්‍යානයක් පවත්වාගෙන යාමේ හැකියාව, එහි ආරක්ෂාව, මීතේන් වායුවෙන් හානියක් වන්නේ ද යන්න පිළිබදව පසු විපරමක් සිදුකිරීමට නියමිතව ඇත.