FAST NEWS

24×7 Around the Globe

මෙරට විශාලතම රේඩියල් ටයර් කම්හල ලබන වසරේදී..

ශ්‍රී ලංකාවේ විශාලතම රේඩියල් ටයර් කම්හල හොරණ, වගවත්ත කර්මාන්තපුරයේ ඉදිවීමට නියමිතව ඇත.
මෙහි පළමු අදියරේ ඉදිකිරීම් අවසන් වෙමින් පවතින අතර, ටයර් නිෂ්පාදන කටයුතු ලබන වසරේ ඇරඹීමට නියමිතයි.
අක්කර 150 ක භූමි ප්‍රමාණයක මෙය ඉදිවෙන අතර මේ සදහා කෙරෙන ආයෝජනයේ වටිනාකම ඩොලර් මිලියන 500ක්.
මෙය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වන අතර , සම්පූර්ණ ව්‍යාපෘතිය 2020 වනවිට අවසන් කිරීමට අපේක්ෂා කරනු ලබයි.
ඉන් සෘජු රැකියා 3000ක් හා වක්‍ර රැකියා 1500ක් අපේක්‍ෂිත කරනු ඇත.