FAST NEWS

24×7 Around the Globe

හමාස් සංවිධානය ඉලක්ක කර ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර මාලාවක්..

ඊශ්‍රායල් ගුවන් හමුදාව විසින් පලස්තීනයේ පිහිටි හමාස් සංවිධානයේ හදුනාගත් ඉලක්ක 15 ක් වෙත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.
ප්‍රහාර වලින් හමාස් සංවිධානයේ සටන්කරුවන් තිදෙනක් මියගොස් ඇති අතර ගාසා තිරයේදී එල්ලවූ ප්‍රහාරයකින් තවත් පුද්ගලයෙක් මිය ගොස් ඇත.
මෙම ප්‍රහාර දියත් කිරීමට හේතුවී ඇත්තේ ඊයේ (20) දින ගාසා තිරයේ දේශසීමා ආරක්ෂාවේ යෙදී සිටි භට පිරිස් ඉලක්ක කර ගනිමින් එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් එක් ඊශ්‍රායල් හමුදා සෙබලෙක් මිය යාමයි.
2014 වසරට පසු ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානය ඉලක්ක කර ගනිමින් එල්ල කළ දරුණුතම ප්‍රහාරයද මෙය වෙයි.