FAST NEWS

24×7 Around the Globe

වැලිකඩ හිර කුටියකට ඇමතුම් 360 ක්‌ ඇවිත්…3950 ක් ගිහින්

වැලිකඩ බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධව දඬුවම් විඳින ජාවාරම්කරුවකු රැඳී සිටින සිරමැදිරියේ සිට ජංගම දුරකථන ඇමතුම් 3950 ක්‌ පිටතට ගොස්‌ ඇති අතර පිටත සිටින පුද්ගලයන්ගෙන් ඔහුට ඇමතුම් 360 ක්‌ පැමිණ ඇති බවට තොරතුරු වාර්තාවී ඇත.
විශේෂ කාර්ය බළකාය නිළධාරීන් විසින් මේ පිළිබද පරීක්ෂණ සිදුකර ඇති අතර මේ වනවිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම බරපතළ තත්ත්වයට පත්ව ඇති බව එම නිළධාරීන් විසින් රජයට දැනුම්දී ඇත.
මේ අතර ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන්නන් ඇමැතීමට ලතින් ඇමරිකානු රටවලට අයත් සිම් කාඩ්පත් භාවිත කරන බව හෙළිවී ඇත.