FAST NEWS

24×7 Around the Globe

වැන්ඩර්සේට තහනමක් හා දඩයක්..

නිමාවූ බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරඟ සංචාරය අතරතුර විනය විරෝධී හැසිරීමේ චෝදනා සම්බන්ධයෙන් දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේට එරෙහිව පැවැත්වූ පරීක්ෂණයෙන් අනතුරුව ඔහුට දඬුවම් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මේ අනුව ඔහුට වාර්ෂික කොන්ත්‍රාත් මුදලින් 20% දඩයක් පනවා ඇති අතර වසරක අත්හිටවූ තරග තහනමක්ද පනවා තිබේ.
මෙම තත්වය හේතුවෙන් වැන්ඩර්සේ කොදෙව් තරගාවලිය අතරතුර මෙරටට නැවත හරවා එවිමටද කටයුතු කෙරුණී.
DE සිල්වා