FAST NEWS

24×7 Around the Globe

ලංකාවට පක්ෂ වූ නිසා ඉයන් ජෙස්‌ලිට මන්ත්‍රීධුරය අහිමිවෙයි..

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් ජෙස්‌ලිගේ මන්ත්‍රී ධුරය දින 30 ක කාලසීමාවකට අත්හිටුවීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කොමසාරිස්‌ විසින් පියවරගෙන ඇත.
ඒ, ජෙස්‌ලිගේ විසින් ශ්‍රී ලංකාවට පක්‍ෂග්‍රාහීව කටයුතු කිරීම සම්බන්ධයෙන් නැගුනු චෝදනාවකටයි.
ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කරන ජිනීවා යෝජනාවට විරුද්ධව ක්‍රියා කිරීමත්, ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් ස්‌ටර්ලින් පවුම් ලක්‌ෂයක මුදලක්‌ ලබා ගැනීම යන චෝදනා ඔහුට එල්ල වී තිබේ. මෙම චෝදනා කොටි ඩයස්‌පෝරාව විසින් ඉදිරිපත්කර ඇති බව වාර්තා වෙයි.
ජිනීවා යෝජනාවට එරෙහිව කටයුතු කිරීම නිසා අයන් ජෙස්‌ලි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු නීති රීති උල්ලංඝනය කර ඇති බවද විමර්ශන වාර්තාවක සදහන් වේ.
මීට අමතරව අයන් ජෙස්‌ලි සහ ඔහුගේ පවුලේ අය ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදීමට අදාළ ශ්‍රී ලාංකික ලියවිලිද මෙරටින් බ්‍රිතාන්‍ය බලධාරීන්ට ලබාදී ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.