FAST NEWS

24×7 Around the Globe

ගැටුම්කාරී ප්‍රකාශවලට ෆේස්බුක් වැට බදියි..

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ගැටලුකාරී තත්ත්වයන් ඇති කිරීමට පසුගිය දිනවල ෆේස්බුක් සමාජජාල වෙබ්‍ අඩවිය තුළ පළ වූ ඇතැම් ප්‍රකාශ හේතු විය.
එනිසා ෆේස්බුක් වෙබ්‍ අඩවිය භාවිත කරන්නන් විසින් පළකරන ගැටුම්කාරී සිදුවීම් වලට හේතුවන ව්‍යාජ ප්‍රවෘත්ති ඉවත් කිරීමට ෆේස්බුක් සමාගම තීරණය කර ඇත.
ඒ අනුව මතබේදකාරී සහ ගැටුම්කාරී තත්ත්වයන්ට හේතුවන ප්‍රකාශ සහ ඡායාරූප ඉවත් කිරීමේ කටයුතු ඉදිරියේදී ආරම්භ කරන බව ෆේස්බුක් සමාගම සදහන් කරයි.
ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා අනුබල ලබාදෙන ආකාරයේ තොරතුරු ඉවත් කිරීම පමණක් මේ වන විට ෆේස්බුක් සමාගම සිදුකරන අතර නව පියවර යටතේ ශාරීරික හිංසනය ඇති කිරීමට හේතුවන ව්‍යාජ ප්‍රවෘත්ති ඉවත් කිරීමට ද තීරණය කර ඇති බව සඳහන්ය.
ඒ අනුව එක් එක් රටවල ෆේස්බුක් සමාගමට අයත් සංවිධාන වල සහයෝගයෙන් අදාළ ව්‍යාජ ප්‍රවෘත්ති හඳුනාගැනීමට නියමිත බව වාර්තා වේ.