FAST NEWS

24×7 Around the Globe

මර්වින් සිල්වාගෙන් ෆොන්සේකාට දොස්…

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා කියා සිටින්නේ තමන් අමාත්‍ය සරත් ෆොන්සේකා හට බිය නොමැති බවත්, තවමත් කැළණියේ සිටින බවත් සහ ෆොන්සේකා මහතා මෙන් තමා දේශපාලනය නොකරන බවත්ය.
හිටපු අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මර්වින් සිල්වා,
“පොලීසියට විරුද්ධව කතා කරන්න එපා. ඇයි මේ රණවිරුවන්ට අගෞරව කරන්නේ. මෙයාට මේ කියන්න දෙයක් නෑ. කැළණිය ආසනයේ ඉන්නේ ඉතාම ගෞරවණීය මිනිස්සු පිරිසක්. බොරු හමුදාපතිකම ඒ මිනිස්සුන්ගේ ඔලුවට දාලා ඒ වැදගත් ළමයි අද නොමග යනවා.
මම කැළණියෙන් ගියා කියලා හිතන්න එපා. මම කැළණියේ තමයි ඉන්නේ. පිළිතුරු දෙන්න ලැබීම ගැන මම කනගාටුවෙනා. මම ෆොන්සේකට බය නෑ. කැළණිය පන්සලට ඇවිත් වුණ දේ මතකද? දඟලන්න එන්න එපා තව ගොඩක් දේවල් තියෙනවා මට කියන්න.
මම එක්සත් ජාතික පක්ෂයේ නායක තුමාට කියනවා. අගමතිතුමනි දාගන්න කතා කරන්න පුළුවන් කෙනෙක්. මම කැළණිය හැදුවා.ගිහින් අහන්න කැළණියේ මිනිස්සුන්ගෙන්. කැළණිය පන්සට යන පාර හැදුවේ මර්වින් සිල්වා. දන 63න් ගුවන පාලම හැදුවේ මර්වින් සිල්වා. තවත් කරපු දේවල් තියෙනවා.නරකවැඩ, වනචර වැඩ, ස්ත්‍රී දූෂණ ඒ වඅගේම අවලං වැඩ මම කරලා නෑ. මම පොලීසියට කින්නේ ගණන් ගන්න එපා මේ අය. තව ටික කාලයයි මේ අය ඉන්නේ”