FAST NEWS

24×7 Around the Globe

මහින්දගේ පස්සෙන් ගිය ෆයිල් නංගී දේශපාලනයට එන්න සූදානම්.(ඡයාරූප)

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදුටුදා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පසුපසින් ෆයිල් මිටියක් අරගෙන ගමන් කළ නිරූපිකාව සම්බන්ධයෙන් අන්තර්ජාලයේ කතාබහක් ඇතිවී තිබුණි. ඇය නමින් අයේෂා මධුශානි වන අතර වෘතියෙන් නර්තන ශිල්පිණියක් මෙන්ම නිරූපිකාවක්ද වේ. අන්තර්ජාලයේ ඇයට එල්ලකළ චෝදනා සම්බන්ධව සති අන්ත පුවත්පතකට අදහස් දක්වා තිබුනේ මෙලෙසිනි.

“මඩ ගහන එක වැරදියි. ඒගොල්ලො හිතන්න ඕන එයාලටත් සහෝදරියන් සිටින බව. පක්ෂ පාට ඛෙදාගෙන බලපුළුවන් කාර අය හැප්පුනාට අපිට හැප්පෙන්න බැහැනේ. සන්ධානෙ ෆයිල් අරන් යන නංගි කියල මට කියනවා. ඇත්තටම එදා උදේ වෙනකං මං හිතන් හිටියේ මට හිටපු ජනාධිපිතිතුමා පිලිගන්න බුලත් හුරුල්ලක් විතරක් දෙන්න අවස්ථාව ලැබෙයි කියලා. නමුත් එදා ප්‍රතිපත්ති ප්‍රකාශෙ හැමෝටම බේදන්න මට සිදුවුණා.”

ඔබට දේශපාලන ආරාධනා ලැබුණාද?

ලැබුණා ලැබුණා..තරුණ කොටස් ඒකරාශි කරන වැඩසටහන් සංවිධානය කරන්න විවිධ පක්ෂ වලින් මට අඩ ගැහුවා.නමුත් මට ඒවට යන්න වෙලාවක් තිබුනෙ නෑ.

ඔබට දේශපාලනයට එන්න අරමුණක් තියනවද?

මට දේශපාලනයට එන්න අරමුණක් තියනව. නමුත් දැන්ම නෙමෙයි. දැනුවත් වෙලා අත්දැකීම් ලබාගෙන මගෙ දැන් කරන වැඩ ඉවර වෙලා එන්න හිතන් ඉන්නවා.

m5 m6 m7 m9 m10 m12 m13 m16