FAST NEWS

24×7 Around the Globe

ශීතාගාර පහසුකම් සහිත පළමු ත්‍රීරෝද රථය ලංකාවට හදුන්වා දෙයි..

මැලේසියානු සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද ශීතාගාර පහසුකම් සහිත පළමු ත්‍රීරෝද රථය ලංකාවට හදුන්වා දී ඇත.
මෙම ත්‍රිරෝද රථයේ ශීතාගාරය සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන අතර මේ හේතුවෙන් විශාල මුදලක්ද ඉතිරි කරගත හැකියාව ලැබේ. මාළු, කිරි සහ එළවළු ඇතුළු නිෂ්පාදන ප්‍රවාහනය සදහා මෙහි පහසුකම් ඇත.
මීට අමතරව මෙම ත්‍රිරෝද රථයෙන් එකවර කිරි ලීටර් දහසක් (1000) හෝ මස්, එළවළු, මාළු වැනි නිෂ්පාදන එකවර 300kg ක් රැගෙන යාමට හැකිය.
අවශ්‍ය අවස්ථා වලදී විදුලි බලයෙන් බැටරිය ආරෝපණය (චාර්ජ්) කරගැනීමේ පහසුකම් වලින්ද සමන්විත මෙම පරිසර හිතකාමී මෙම ත්‍රිරෝද රථය උපරිම ධාරිතාවක් සහිතව පැයට 60 km ක වේගයෙන් ධාවනය කළ හැකිය.