FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලාංකිකයෙකුගේ මළසිරුරක් ඉතාලියේ වෙරෝනාහි ගඟක..

අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකිකයෙකුගේ මළ සිරුරක් ඊයේ (18) ඉතාලියේ වෙරෝනා නගරයේ ගඟක පාවෙමින් තිබියදී සොයාගෙන ඇත.
දෙහිවලගේ නෙල්සන් කොස්තා නමැති 53 හැවිරිදි මෙම පුද්ගලයා ජා-ඇළ කලඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මොහු පසුගිය 14 වැනිදා සිට අතුරුදන්වී ඇති අතර දින 04 ක සිට සිදු කළ මෙහෙයුමකින් අනතුරුව වෙරෝනාහි පොලීසිය විසින් මළ සිරුර සොයාගෙන තිබේ.
සිද්ධිය වූ දිනයේ ඔහු වෙරෝනා නගරයේ අඩිජේ නැමති ගංඟාව ගලාබසින ගැරිබාල්දි නම් පාලම අසලින් ගඟට බැස හෝ වැටී ඇති බවට සැකකරන බවත් එම ස්ථානයේ තිබී මියගිය තැනැත්තාගේ පාවහන් යුගළය ඔහුගේ සහෝදරයා විසින් හඳුනාගෙන තිබෙන බවත් ඉතාලි ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.‍