මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්‌ඩායමේ ස්‌ථානය අහිමිව ඇති ලසිත් මාලිංගට 2019 වර්ෂයේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන සඳහා අවස්ථාවක් ලබා දෙන්නැයි යන්න සම්බන්ධයෙන් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතා පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමීන් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.
එසේම මාලිංගට ඉදිරියේදි පැවැත‍්විමට නියමීත දකුණූ අප්‍රිකාව සමග එක්දින තරගාවලියට ක්‍රීඩා කිරිමට අවස්ථාවක් හිමි වනු ඇති බවද හෙතෙම මෙහිදි පවසා තිබේ
“අපි ලෝක කුසලාන තෝරන ක්‍රීඩකයන්ව දැන් ජාතික කණ්‌ඩායමට ‘ඒ’ කණ්‌ඩායමට වශයෙන් ක්‍රීඩා කරවනවා. උපුල් තරංගත් ‘ඒ’ කණ්‌ඩායමේ ක්‍රීඩා කරන්නේ ඒ සැලැස්‌ම අනුව. ජ්‍යෙෂ්ඨ සහ නවක ක්‍රීඩකයන් සෑම දෙනාම එහෙම තමයි කළමනාකරණය කරලා හොඳම සංයුතිය තෝරන්නේ. ලසිත් මාලිංගටත් මම ඒ බව දන්වලා තියෙනවා. අපි පළාත් තරගාවලිය ක්‍රීඩා කරන්නත් මාලිංගට ආරාධනා කළා. පුහුණුකරු චන්දික හතුරුසිංහ කිව්වොත් අන්තිම ඕවර ටික දාන්න මාලිංග වගේ කෙනෙක් අවශ්‍යයි කියලා එයාට දකුණු අප්‍රිකානු එක්‌දින තරගාවලිය ක්‍රීඩා කරන්න අවස්‌ථාවක් තියේවි. අපි විස්‌සයි විස්‌ස විතරක් නෙමෙයි එක්‌දින සහ විස්‌සයි විස්‌ස දෙකම ගහන කට්‌ටියට තමයි අවස්‌ථාව දෙන්නේ. නමුත් දැන් ආබාධයට ලක්‌වූ ක්‍රීඩකයන් සියලු දෙනාම වගේ නැවත සුව අතට හැරෙමින් තියෙන්නේ. අපේ තණතීරුත් මන්දගාමී තණතීරු. සම්බන්ධයෙන් තීරණයක් දැන්ම කියන්න බැහැ”









