FAST NEWS

24×7 Around the Globe

දුම්රිය ගමන් ප්‍රමාද වීමට හා අවලංගු වීමට හේතුව මෙන්න..

රත්මලාන ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ සේවකයන් පිරිසකගේ රාජකාරි වේලාව පිළිබඳ ඇති වී තිබෙන ගැටලුවක් හේතුවෙන් සියලුම අලුත්වැඩියා කටයුතුවලට බලපෑම් එල්ල වී තිබේ.
දුම්රිය සේවකයෝ සඳහන් කරන්නේ මේ හේතුවෙන් දුම්රිය එන්ජින් හා මැදිරි අලුත්වැඩියා කටයුතු ප්‍රමාදවන බවත්, ඒ හරහා දුම්රිය ගමන්වල ප්‍රමාදයන් සිදුවන බවත්ය.
සේවකයන් සදහන්කර සිටින්නේ යාන්ත්‍රික අංශය තුළ ද්විතියික සේවයට හා ප්‍රාථමික සේවයට අයත් පිරිස් සේවය කරන බවත්, ද්විතියික අංශයේ සේවා කාලය පෙරවරු 8.30 – පස්වරු 4.15ත් බවත් එම පිරිස් සඳහන් කරති. එහෙත් ප්‍රාථමික අංශය යටතේ සිටින පිරිස්වල සේවා කාලය පෙරවරු 8.00 සිට පස්වරු 4.30 බවයි.
නමුත් අලුත්වැඩියා කටයුතු සිදුකිරීමේදී සියලුම දෙනා එකට වැඩ ආරම්භ කළ යුතු නිසා සියලුම දෙනාගේ රාජකාරිවේලාව උදෑසන 8.30 – සවස 4.30ත් බවට පත් කර තිබෙන බවත්, මෙයට ද්විතියික සේවයේ පිරිස් විරෝධය දක්වමින් සිටින බවත් දුම්රිය සේවකයෝ පෙන්වා දෙයි.
මේ හේතුවෙන් සියලුම අලුත්වැඩියා කටයුතුවල ප්‍රමාදයක් ඇති වී තිබෙන බවත්, දුම්රියන් අවලංගු කිරීමට පවා සිදුවන බවත් ඔවුහු පෙන්වා දෙති.