FAST NEWS

24×7 Around the Globe

දිමුත් 21 ක් අභිබවා ඉදිරියට එයි – රංගනත් ඉදිරියට..

ශ‍්‍රී ලංකාව හා දකුණු අප‍්‍රිකාව අතර පසුගිය සෙනසුරාදා (14) ගාල්ලේදී අවසන් වු පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දී දැක්වූ දස්කම් නිසා දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 10 වැනි ස්ථානයට පැමිණ තිබේ.
එම තරගය ක‍්‍රීඩා කිරීමට පෙර පැවති දිමුත් කරුණාරතන් ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 31 වන තැන පසුවිය.
ගාල්ල ටෙස්ට් තරගයේදී ප‍්‍රථම ඉනිමේදි නොදැවි ලකුණු 158ක් ලබාගත් දිමුත් දෙවන ඉනිම වෙනුවෙන් අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් විය.
ඒ අනුව පළමු ටෙස්ට් තරගයේ දී තරගයේ වීරයා වෙමින් දැක්වූ එම දස්කම් නිසා ටෙස්ට් පිතිකරුවන් 21 දෙනෙකු අභිබවා 10 වන ස්ථානය දක්වා පැමිණීමට දිමුත් හැකිව ඇත.
එසේම ටෙස්ට් පන්දු යවන්නන් ශේණිගත කිරීමේ ද ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමීන් 09 වැනි ස්ථානයට පත් විමට රංගන හේරත් සමත්ව ඇත.
ශ‍්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප‍්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් තරගය ලබන 20 වැනිදා කොළඹ SSC පිටියේදි ආරම්භ වේ.

DE සිල්වා