FAST NEWS

24×7 Around the Globe

කිලියන් එම්බාපේ තමාට හිමීවු සියළු මුදල් පරිත්‍යාග කරයි..

මෙවර පාපන්දු ලෝක කුසලානය ජයගත් ප්‍රංශ කණ්ඩායමේ ප්‍රධානම ක්‍රීඩකයෙකු වූ කිලියන් එම්බාපේ එම තරගාවලියේදී තමන් උපයාගත් සියලුම මුදල් පුණ්‍ය ආයතනයක අරමුදලකට බැර කිරීමට තීරණය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
Premiers de Cordee නම් සංගමයට මෙම මුදල් පරිත්‍යාග කිරීමට නියමිත බවත් එම සංගමය ආබාධ සහිත දරුවන් වෙනුවෙන් ක්‍රීඩා ඉසව් සංවිධානය කරනු ලබන සංවිධානයක් වන බවද පැවසේ.
තරගයක් ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඔහුට ඇමෙරිකානු ඩොලර් 22,300ක මුදලක් හිමිවන අතර ඔහු තරග 7 කට ක්‍රීඩා කරමින් ඩොලර් 156,100ක් සහ තරගයේ ජයග්‍රාහී කණ්ඩායම ලෙස දිනාගත් ප්‍රසාද මුදල් ඩොලර් 350,000ක් එනම් ඇමෙරිකානු ඩොල් 506,100ක් (රුපියල් 81,608,602) මෙසේ ප්‍රදානය කිරීමට නියමිතය.
19 හැවිරිදි එම්බාපේ මෙවර ලෝක කුසලානයේදී තරගාවලියේ දක්ෂතම තරුණ ක්‍රීඩකයාට හිමි සම්මානයද හිමිකරගත්තේය.
ඔහු අවසන් තරගයේදී වාර්තා කළ ගෝලයත් සමගින් ගෝල 4ක් වාර්තා කළේය.
පාපන්දු ක්ෂේත්‍රෙය් මිල අධිකම දෙවැනි ක්‍රීඩකයා වන එම්බාපේගේ වටිනාකම යුරෝ මිලියන 180කි.